හාවා සහ කැරට්
ඔන්න දවසක් හාවෙක් ආවලු හාඩ්වෙයාර් එකකට.
හාවා : මුදලාලි කැරට් තියනවද?
මුදලාලි: නෑ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
හාවා: ok , මුදලාලි
...
ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඔන්න අයෙත් එනවලු.
හාව: මුදලාලි කැරට් තියනවද?
මුදලාලි: මම දැන් එක සැරයක් කිව්වනේ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
හාවා: ok , මුදලාලි.
ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඕනනේ අයෙත් එනවලු.
හාව: මුදලාලි කැරට් තියනවද?
ඔන්න දැන් නම් මුදලාලිට මල පැන්නලු. ඇයි ඉතින් මේකා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැනේ.
මුදලාලි: මේ හාවෝ දැන් උඹට මම දවස් දෙකක් කිව්වා මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ. උඹ ආයේ අවොත් කඹයක් අරගෙන කකුල් දෙකෙන් එල්ලනවා.
හාවා: ok , මුදලාලි.
කියල හාවා පැනල දිව්වලු. ඊට පස්සේ මෙන්න මේකා අයෙත් එනවලු පහුවදා.
හාව: මුදලාලි කඹයක් තියනවද?
මුදලාලි: කඹ ඉවර වුන හාවෝ.
හාවා: එහෙනම් මුදලාලි කැරට් තියනවද...
[සහී],...
ස්මාර්ට් හාවා..... :D
ReplyDeleteමල්ලියෝ...බ්ලොග් එකේ තීම් එක වෙනස් කලොත් නරකද ? මොකද මේ තීම් එක ලෝඩ් වෙන්න වෙලා යනවා...අනික බෝයි කෙනෙකුට මැච් වෙන්නෙත් නෑ වගේ...පොඩ්ඩක් ඒ ගැන හිතුවොත් හොඳයි...සිම්පල් තීම් එකක් යූස් කලොත් නියමයි...
thnxx akka,...
ReplyDeleteඅවවාද වලට ස්තූති,..
theme එකද background එකද දිල් අක්කේ??
ReplyDelete