රථ ගාය

ඔන්න එකමත් එක රටක තිබුනලු පිස්සන් කොටුවක් ( ඔව් ඔව් ලංකාවෙ තමයි).
මේ පිස්සන් කොටුව ටිකක් වෙනස් ජාතියේ එකක්ලු. මේකට ගෙනත් දාන්නෙ ඔය එක එක වාහන ගැන හිතල පිස්සු හැදෙන අයවලු.
ෆොර් එක්සාම්පල්, එකෙක් ඉන්නවලු ප්ලේන් එකක් විදිහට කොයි වෙලෙත් අත් දෙක දෙපැත්තට දගෙන දුවනවලු – එයාගෙ නම ප්ලේන් පිස්සලු.
තවත් එකෙක් ඉන්නවලු කොයි වෙලෙත් බයිසිකලයක් පදිනව වගේ බෘම් බෘම් ගගා යනවලු – එයාගෙ නම බයික් පිස්සලු.
අනික් අ...යටත් ඔය වගෙ එක එක කචල් සීන්ස් තිබුනලු.
හරිනෙ ඉතින්, මෙකට ගෙනත් දන්නෙ ඒවගෙ රථ ගායවල් තියන කස්ටියවනෙ.
ඔන්න එකදවසක් ඒ හොස්පිටල් එකේ ඉන්න දොස්තර නෝන පොඩි සයිට් විසිට් එකක් දානකොට දැක්කලු බුවෙක් කිසිම පිස්සු වැඩක් කරනෙන් නැතිව බංකුවක් උඩට වෙලා වාඩි වෙලා පත්තරයක් බලනවලු.
මේක දැකපු දොස්තර නෝන හිතුවලු දැන් ඉතින් මේ බුවට සනිප වෙල ඇති කියල. කොකටත් කියල මේ දොස්තර නෝන ගියාලු බුවා ගාවට පොඩි චැටක් දාන්න. ගිහිල්ල මෙහෙම කිව්වලු
"සිරිපාල දැන් මට පේන විදියට ඔයාගෙ ලෙඩ හොඳටම හොඳයි නේ යමු යමු මම අදම ටිකට් කපල දෙන්නම්කො ගෙදර යන්න"
(අහ කියන්න අමතක උනානේ බුවාගෙ නම සිරිපාල කියල කලින්)
ඉතින් සිරිපාලත් අහිංසක විදියට හිනාවක දාල කිව්වලු
"හා හරි නෝනෙ එහෙනං මගෙත් එක්කම යමු"
කියල පත්තරේ පැත්තක තියල යමු කියල බෘම් ගාල පොරගෙ ත්‍රී වීල් එක ස්ටාර්ට් කලාලු.
[යාලුවෙක් කියපු කතාවක්],...
[සහී],...
No comments:
Post a Comment