Thursday, December 1, 2011

පාසල් ජීවිතය


                       කාටත් වගේම සහීගේ හොදම කාලේ පාසල් ගිය කාලේ තමයි, එක නෑ කියන්න බෑනේ.ඉස්කෝලේ යන කාලේ නං ඕවා තේරුනේ නෑ.උදේට යන්නයි රෑ වෙලා ගෙදර එන්නයි වෙනකොට ඉස්කෝලේ එපා වෙනවා.කොහොම කොහොම හරි, මොන්ටිසෝරියෙන් පස්සේ ඉස්කෝලෙකට සහීව දැම්ම හැමෝම වගේ(මොකෝ 'බෑ' කිව්වට අහනවයි;)
ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට කියල ගියේ දික්වැල්ල 'විජිත මහා විද්‍යාලයට'.එක මිශ්‍ර පාසලක්(මරු).ඒ උනාට ඒ කාලේ එකේ ඇති වැඩක් නෑනේ.

                    විජිතේ කියන්නේ ක්‍රීඩා පාසලක්,එක නිසාද කොහෙද එකේ තියනවා මහා විසාල පිටටනියක්,ලොකු කැලාවකුත් තියනවා(පස්සේ එක නං ඕන උනා :p).කොහොම හරි 1 වසරේ පන්ති 3
ක් තිබුනා(A,B&C).මාව දැම්මේ B එකට,පන්තියේ 40ක් විතර හිටිය මතක හැටියට.වැඩිපුර හිටියේ ගෑනු ළමයි කොල්ලෝ 15ක් විතර තමයි හිටියේ.

                     පන්ති භාර ටීචර් හරි හොදයි.ගියපු ගමන් මාව ටීචර් ගාව වාඩි කරා ගත්තා.මට මතක හැටියට පලවෙනි දවසේ ගොඩක් කස්ටිය උද පැන පැන ඇඩුවා(සහීත් ඉතින් ඒ සෙට් එකේ තමයි).හරියට මල ගෙදරක් වගේ තියෙන්න ඇති :D.පලවෙනි දවසේ ගෙදර ගියේ ආයිත් නං එන්නේ නෑ කියල හිතාගෙන, කොහෙද ඉතින් ගෙදර කස්ටියට සහියා කියන එකක් තේරෙන එකක්යැ, දිගටම යැව්වා.



                      ඒ කාලේ කරන්නේ චිත්‍ර අදින එකයි, සින්දු/කතන්දර කියන එකයි නේ.ඔන්න එක දවසක් අපේ ටීචර් කිව්වා අපිට 'half sheet' ගේන්න කියලා, ඒ දවස් වල ඉතින් දැන් වගේ නෑ/ බෑ නෑනේ.ඔන්‍න‍ ඉස්කෝලේ පටන් ගත්ත විතරයි,පළවෙනියට චිත්‍ර අදින්න තියෙන්නේ.මට ඒ දවස් වල චිත්‍ර අදින්න පුළුවන්(කියලා හිතන හිටියා).''තමන්ට කැමැති දෙයක් අදින්න, හැබැයි අපිට එදිනෙදා දකින්න ලැබෙන දෙයක්''.ටීචර් ලයිසමත් දුන්නා,කට්ටිය හිටු කියලා අදිනවා.අදිනවා, මකනවා,පාට කරනවා එක වැඩයි.ඒ අස්සේ ටීචර් ට නඩුත් එනවා,අරයා මගේ මකනේ ගත්ත/අරයා මගේ පැන්සල ගත්තා, වැඩ කෝටියයි.

                        ඒ අස්සේ සහී ත් චිත්‍රයක් අදින්න පටන් ගත්තා. හුටා. මොකක්ද අදින්නේ?,........අම්මව, බෑ ලොකු වැඩයි.එහා ගෙදර බලුවා, rex. අන්න හොදයි.ඔන්න ඉතින් සහී බොක්කෙන්ම වැඩේට බැස්සා.................හ්ම්ම්ම්ම්, ඇදලා ඉවරයි.මොන පාටද ගාන්නේ.බලුවා කළුම කළු පාටයි, කළු ගෑවොත් නිකන් කළු කුමාරය වගේ වෙයි.නෑ, වෙන පාටක් ගානවා.ඔන්‍න‍ ඉතින් පොඩි සහී ගේ පොඩි මොලේට ලොකුම ලොකු ගොන් අදහසක් ආව.කොහොමෙන් කොහොම හරි චිත්රෙත් ඇදල ඉවර උනා.

                         


                                සහී ඉතින් ලොක්කා වගේ ටීචර් ට චිත්‍රෙ දුන්නා :o, බය වෙන්න එපා ටීචර් මුකුත්ම කිව්වේ නෑ........එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට ටීචර් මට කිව්වා, 'පුතේ හෙට ඔයාව ඉස්කෝලෙට දාන්න අම්ම ආවම මාව හම්බෙන්න පොඩ්ඩකට එන්න කියන්න',... :o :o

                                ඔන්න ඉතින් හෙට දවසත් ආවා, අම්මත් ආවා ටීචර් මීට් වෙන්න.''ආහ්හ්, සහන් ගේ අම්මේ, ඊයේ සහන් ලස්සන චිත්‍රයක් ඇන්දනේ'' කියලා මම අර වැඩ දාල,තටමල ඇදපු චිත්‍රෙ අම්මට පෙන්නුවා,.හුටා, මටත් එතකොට තමයි වෙනස තේරුනේ.
                               
                                 බලුවා තනි නිල් පාටයි,.

ඒකට කමක් නෑ, පුතාට හිතුන දේනේ.වැඩේ ෂේප්,...........
මට තාම හිතා ගන්න බෑ සහී මොකද බලුවගේ නිල් පාට ගෑවේ කියලා,..කව්ද දන්නේ.මතක් වෙනකොටත් හිනා.මෙච්චර පාට තියෙද්දී, ජීවිතේට බලුවෙක්ගේ නැති පාටක් මොකට ගෑවද මන්දා

කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඒ විදියට ඉවර උනා.අම්මා දැනුත් හිටපු ගමන් 'නිල් බල්ලව' මතක කරනවා,......

sooo, අදට එච්චරයි.දැන් නිදි මතේ බෑ.......

[සහී],...


                      

1 comment:

  1. ලස්සනයි ලියල තියන විදිහ...මටත් ඉස්සර කාලේ මතක් උනා..ඉතින් ඔයා ඊට පස්සේ ගිය ඉස්කෝලේ ගැනත් කියන්න...:)

    ReplyDelete