Wednesday, November 30, 2011

ඇය යන්න ගියා මැකිලා,...




අහන් ඉන්න අහගෙන ඉන්න, මගේ හිත මොනවද මුමුණනවා,....


ඇයි අවේ මට පිහිට වෙන්න
ඔයාට තිබුන එහෙම නොකර ඉන්න
ඔයා ගෙන මම උදව්වක් ඉල්ලුවේ,
එක කර ගන්නම නෙවෙයි
ඔයා එක්ක කතා කරන්න ඕන නිසා


හදවතින්ම උදව්වක් කවදාවත් ලැබිල නැති නිසා
ඔයා මට කරපු උදව්වෙන් මම පුදුම උනා


ඔයාටත් මගෙන් උදව්වක් මගෙන් ඕන බව තේරුන නිසයි,
ඔයාගේ කදුළු පිහදාන්න මම ආවෙ.
එත් ඒ පිහදපු කදුළු ටික මට හලන්න වෙයි කියල මට කවදාවත්ම හිතුනේ නැ.


පොළවටත් වඩා ගොඩක් පහතින තිබුන ඔයාගේ හිත ආකසේට උස්සල තිබ්බේ පුදුම සතුටකින්,
ආකසේට ගිය ඔයා මාව දාල පාවෙලා ඈතට යනකොට කොහොම ඉවසන්නද?


එත් දැන් මමත් ඔයා කලින් හිටපු තැනමයි,
එත් මාව උඩට ගන්න කවුරුවත් එන්නේ නෑ,ඔයාවත් නෑ.


එත් මාව දාල වෙන අහසකට පියාබල ගිය ඔයා ගැන මගේ හිතේ තරහක් නං නෑ.
මොකද කවදාවත් අහසයි පොලවයි එකතු වෙන්නේ නැනේ.


මම පොලාවේම ඉන්නං ඔයා අහසේ පියබානවා බලාගෙන,
පුලුවන්නං මතක තිය ගන්න ඇවිදින්නවත් බැරුව හිටි ඔයාට පියාබන්න ඉගැන්නුවේ මම කියල,......


එත් මොකටද, තාමත් මම පොලවෙනේ.(අහසයි පොලවයි එකතු වෙන්නේ නෑනේ)




[සහී],...

3 comments:

  1. ආදරේ කියන දේ ලැබෙන්නේ එක එක්ක්කෙනාට වෙනස් වෙනස් විදියට...සමහර අය ආදරේ ලැබෙන්න තරම් වාසනාවන්ත උනත්....රඳවාගන්න බැරි තරම් අවාසනාවන්තයි....

    තවත් සමහර අය ආදරේ මොනතරම් දුන්නත්....ඒ අයට ආදරේ ලැබෙන්නේ අඩුවෙන්.....තවත් අයට මොනතරම් ආදරේ ලැබුනත් සෑහීමකට පත් වෙන්න බෑ....අනේ මන්ද....ඒත් මේ ලෝකෙ හැමෝටම ආදරේ ඕනා....

    ReplyDelete
  2. by the way.....දැන් නම් බ්ලොග් එක ලස්සනයි.... ඔය background image එකත් තනි පාටින් දැම්මා නම් තවත් ලස්සන වෙයි...බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න....මගේ අඩවියේත් මේ බ්ලොග් එක ගැන ලින්ක් එකක් දැම්මා.

    ReplyDelete
  3. 1st,.. thnk u vryma vry much akke,...

    අනේ මන්දා, අර කතාවක් තියනවනේ,..
    ආදරයත් වීදුරුවක වගේ
    තදට අල්ලාගෙන හිටියොත් අතේම බිදිලා අතත් තුවාල වෙනවා,
    ලාවට අල්ලාගෙන හිටියොත් අතරෙනවා,...

    grrrrrrrrrrrrrr,.. i hate this,..

    ReplyDelete