Thursday, December 1, 2011

පාසල් ජීවිතය


                       කාටත් වගේම සහීගේ හොදම කාලේ පාසල් ගිය කාලේ තමයි, එක නෑ කියන්න බෑනේ.ඉස්කෝලේ යන කාලේ නං ඕවා තේරුනේ නෑ.උදේට යන්නයි රෑ වෙලා ගෙදර එන්නයි වෙනකොට ඉස්කෝලේ එපා වෙනවා.කොහොම කොහොම හරි, මොන්ටිසෝරියෙන් පස්සේ ඉස්කෝලෙකට සහීව දැම්ම හැමෝම වගේ(මොකෝ 'බෑ' කිව්වට අහනවයි;)
ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට කියල ගියේ දික්වැල්ල 'විජිත මහා විද්‍යාලයට'.එක මිශ්‍ර පාසලක්(මරු).ඒ උනාට ඒ කාලේ එකේ ඇති වැඩක් නෑනේ.

                    විජිතේ කියන්නේ ක්‍රීඩා පාසලක්,එක නිසාද කොහෙද එකේ තියනවා මහා විසාල පිටටනියක්,ලොකු කැලාවකුත් තියනවා(පස්සේ එක නං ඕන උනා :p).කොහොම හරි 1 වසරේ පන්ති 3
ක් තිබුනා(A,B&C).මාව දැම්මේ B එකට,පන්තියේ 40ක් විතර හිටිය මතක හැටියට.වැඩිපුර හිටියේ ගෑනු ළමයි කොල්ලෝ 15ක් විතර තමයි හිටියේ.

                     පන්ති භාර ටීචර් හරි හොදයි.ගියපු ගමන් මාව ටීචර් ගාව වාඩි කරා ගත්තා.මට මතක හැටියට පලවෙනි දවසේ ගොඩක් කස්ටිය උද පැන පැන ඇඩුවා(සහීත් ඉතින් ඒ සෙට් එකේ තමයි).හරියට මල ගෙදරක් වගේ තියෙන්න ඇති :D.පලවෙනි දවසේ ගෙදර ගියේ ආයිත් නං එන්නේ නෑ කියල හිතාගෙන, කොහෙද ඉතින් ගෙදර කස්ටියට සහියා කියන එකක් තේරෙන එකක්යැ, දිගටම යැව්වා.



                      ඒ කාලේ කරන්නේ චිත්‍ර අදින එකයි, සින්දු/කතන්දර කියන එකයි නේ.ඔන්න එක දවසක් අපේ ටීචර් කිව්වා අපිට 'half sheet' ගේන්න කියලා, ඒ දවස් වල ඉතින් දැන් වගේ නෑ/ බෑ නෑනේ.ඔන්‍න‍ ඉස්කෝලේ පටන් ගත්ත විතරයි,පළවෙනියට චිත්‍ර අදින්න තියෙන්නේ.මට ඒ දවස් වල චිත්‍ර අදින්න පුළුවන්(කියලා හිතන හිටියා).''තමන්ට කැමැති දෙයක් අදින්න, හැබැයි අපිට එදිනෙදා දකින්න ලැබෙන දෙයක්''.ටීචර් ලයිසමත් දුන්නා,කට්ටිය හිටු කියලා අදිනවා.අදිනවා, මකනවා,පාට කරනවා එක වැඩයි.ඒ අස්සේ ටීචර් ට නඩුත් එනවා,අරයා මගේ මකනේ ගත්ත/අරයා මගේ පැන්සල ගත්තා, වැඩ කෝටියයි.

                        ඒ අස්සේ සහී ත් චිත්‍රයක් අදින්න පටන් ගත්තා. හුටා. මොකක්ද අදින්නේ?,........අම්මව, බෑ ලොකු වැඩයි.එහා ගෙදර බලුවා, rex. අන්න හොදයි.ඔන්න ඉතින් සහී බොක්කෙන්ම වැඩේට බැස්සා.................හ්ම්ම්ම්ම්, ඇදලා ඉවරයි.මොන පාටද ගාන්නේ.බලුවා කළුම කළු පාටයි, කළු ගෑවොත් නිකන් කළු කුමාරය වගේ වෙයි.නෑ, වෙන පාටක් ගානවා.ඔන්‍න‍ ඉතින් පොඩි සහී ගේ පොඩි මොලේට ලොකුම ලොකු ගොන් අදහසක් ආව.කොහොමෙන් කොහොම හරි චිත්රෙත් ඇදල ඉවර උනා.

                         


                                සහී ඉතින් ලොක්කා වගේ ටීචර් ට චිත්‍රෙ දුන්නා :o, බය වෙන්න එපා ටීචර් මුකුත්ම කිව්වේ නෑ........එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට ටීචර් මට කිව්වා, 'පුතේ හෙට ඔයාව ඉස්කෝලෙට දාන්න අම්ම ආවම මාව හම්බෙන්න පොඩ්ඩකට එන්න කියන්න',... :o :o

                                ඔන්න ඉතින් හෙට දවසත් ආවා, අම්මත් ආවා ටීචර් මීට් වෙන්න.''ආහ්හ්, සහන් ගේ අම්මේ, ඊයේ සහන් ලස්සන චිත්‍රයක් ඇන්දනේ'' කියලා මම අර වැඩ දාල,තටමල ඇදපු චිත්‍රෙ අම්මට පෙන්නුවා,.හුටා, මටත් එතකොට තමයි වෙනස තේරුනේ.
                               
                                 බලුවා තනි නිල් පාටයි,.

ඒකට කමක් නෑ, පුතාට හිතුන දේනේ.වැඩේ ෂේප්,...........
මට තාම හිතා ගන්න බෑ සහී මොකද බලුවගේ නිල් පාට ගෑවේ කියලා,..කව්ද දන්නේ.මතක් වෙනකොටත් හිනා.මෙච්චර පාට තියෙද්දී, ජීවිතේට බලුවෙක්ගේ නැති පාටක් මොකට ගෑවද මන්දා

කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඒ විදියට ඉවර උනා.අම්මා දැනුත් හිටපු ගමන් 'නිල් බල්ලව' මතක කරනවා,......

sooo, අදට එච්චරයි.දැන් නිදි මතේ බෑ.......

[සහී],...


                      

AIDS ,....




සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ..!!
 සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි..!!
HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි. මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉ...දිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වන තවත් ක්‍රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.මුඛ සංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාව වඩාත් වැඩිය.... ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය.ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශ වී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතින බැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය....කොච්චර TALK දුන්නත් අවසන් ප්‍රතිපලය අකාලයේ මරණයයි...!!
AIDS or Acquired Immune Deficiency Syndrome refers to the final stage of HIV disease that causes extreme damage to the body’s immune system, as a result of an HIV (Human Immunodeficiency Virus) infection, leaving the body exposed to several life-threatening infections and cancers. The signs and symptoms of AIDS arise from infections which do not otherwise develop in individuals with a healthy immune system, also referred to as opportunistic infections. These include chills, sweats, fever, swollen lymph glands, weight loss and weakness. Common bacteria, viruses, yeast and parasites can cause serious illnesses to people with AIDS, but those with healthy immune systems.


[සහී],...